පිලිපීන ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
සයුරෙන් එතෙර

පිලිපීන ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

August 5, 2025   08:02 pm

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පිලිපීන ජනාධිපති හමුවී තිබේ.

මෙම හමුව සිදුවුණේ පිලිපීන ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීවය. 

මේ අතර පිලිපීන ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද සිදුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම ඉන්දිය සංචාරය සිදුවන්නේ ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවය.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම සංචාරයේ ප්‍රධාන අරමුණ වෙයි.