ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල්වරිය හෙට දිවයිනට

ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල්වරිය හෙට දිවයිනට

August 5, 2025   06:05 pm

ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් හෙට (06) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, ආණ්ඩුකාරවරිය අගෝස්තු 6 සිට 10 වැනි දින දක්වා මෙරට තුළ රැඳී සිටිනු ඇත.

මෙම සංචාරය අතරතුර, ආණ්ඩුකාර ජෙනරාල්වරිය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඔස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක්ද ආණ්ඩුකාරවරිය විසින් මෙම සංචාරය අතරවාරයේදී නැරඹීමට නියමිතය.

මෙම සංචාරයේ අරමුණ වන්නේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බැලීම බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.