නව සීමා නිර්ණ කමිටුවක් පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
August 5, 2025 12:52 pm
2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල නිර්දේශ සමාලෝචනය කිරීමට සහ වැඩිදුර නිර්දේශ ලබා දීමට නව සීමා නිර්ණ කමිටුවක් පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරි වසම් පිහිටුවීම සහ ප්‍රතිශෝධනය කිරීම් සඳහා 2012 වර්ෂයේදී සීමා නිර්ණය කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක කිරීම පිණිස පියවර ගෙන ඇත.
ඉන් අනතුරුව, 2021 වර්ෂයේදී නැවත සීමා නිර්ණය කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව කැබිනට් නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, එකී කමිටු වාර්තාවේ නිර්දේශ අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත ඉදිරිපත් කර එම කමිටුවල නිර්දේශ ලබා ගැනීමටත්, එකී නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම සඳහාත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.