2025 LPL තරගාවලියට දින වෙන්වෙයි

2025 LPL තරගාවලියට දින වෙන්වෙයි

August 1, 2025   11:46 am

2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (1) නිවේදනය කළේය.

තරගාවලිය පැවැත්වෙන 6 වන අදියර මෙය වේ.

මෙවර තරග කොළඹ, පල්ලෙකැලේ සහ දඹුල්ල ක්‍රීඩාංගණය වලදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.

එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරගාවලිය පැවැත්වීමට තීරණය කළ බව ද එම නිවේදනයයේ වැඩිදුරටත් දැක්වේ.