රුපියල්  කෝටිය ඉක්මවන මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටිය ඉක්මවන මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

July 31, 2025   02:01 pm

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට අධික තොගයක් සමග පුද්ගලයෙකු බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත බොරැල්ල, සිරිසර උයන මහල් නිවාසය අසලදී යතුරුපැදියක් පරීක්ෂා කිරීමේ දී අදාල මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

එහිදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 105ක් හා හෙරොයින් ග්‍රෑම් 125ක් සොයාගෙන ඇති බව සදහන් වේ.

එම තොගයේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකගේ ගෝලයකු බව ද අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.