ජර්මනියේ ඔලිම්පික් තරුව කඳු නැගීමේදී අනතුරකට ලක්වෙයි

ජර්මනියේ ඔලිම්පික් තරුව කඳු නැගීමේදී අනතුරකට ලක්වෙයි

July 30, 2025   02:53 pm

ජර්මනියේ ද්විත්ව ඔලිම්පික් ශූරියක් වන ලෝරා ඩල්මයර් පාකිස්තානයේ කඳු නැගීමක් අතරතුර සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා තිබේ.

පසුගිය (28) වනදා ලෝරා ඩල්මයර් ඇගේ සහකරු සමඟ කරකෝරම් කඳුකරය නැගීමේදී මෙම අනතුර සිදු වී ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් අඟහරුවාදා උදෑසන වන තෙක් ගලවා ගැනීමේ හෙලිකොප්ටරයකට ඇය වෙත ළඟාවීමට නොහැකි වී තිබේ.

දුර්වල ආලෝකය හේතුවෙන් අඟහරුවාදා සවස මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති අතර අද (30) උදෑසන නැවත ආරම්භ කළ බව ජර්මානු ගුවන් විදුලි විකාශක ZDF වාර්තා කරයි.

ලෝරා ඩල්මයර් ඇගේ වෘත්තීය ජීවිතය පුරා විවිධ අංශයන් නියෝජනය කරමින් ලෝක ශූරතාවලියේදී රන් පදක්කම් 15ක් දිනාගෙන ඇත.

තවද එකම ඔලිම්පික් උළෙලකදී කෙටි දුර ධාවන ඉසව්ව සහ ලුහුබැඳීමේ ඉසව්ව යන තරඟ දෙකම දිනාගත් පළමු කාන්තාව ඇයයි.