ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

July 30, 2025   01:44 pm

ආනයනය කරන ලද වාහන රේගු භාරයේ රඳවා තබා ගැනීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අවධානය යොමු විය.

ඒ, එම සභාව එහි සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
මේ චෝදනාව ගේන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම ආයතනයට විරුද්ධව. එතකොට දැන් මේක සවුත් චයිනා මෝර්නින් පෝස්ට් එකේ ලොකු ආර්ටිකල් එකක් හැටියට ගිහිල්ලා තිබුණා. මම ඒක කියෙව්වා. ඒ සවුත් චයිනා මෝර්නින් පෝස්ට් එකේ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. සමහර රටවල්වල ඒ තියෙන නිසා, සිංගප්පූරුවේ, නේපාලයේ, ලංකාවේ ඒ ටැක්ස් ස්ට්‍රක්චර්ස් තියෙන නිසා, ටැක්ස් එක අඩු කරන විදියට තමයි ඒගොල්ලෝ ඒ එන්ජින් කැපෑසිටි එක හදලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට, ඒ පත්තරේ තියෙන්නේ BYD කියන වාහනය, එකසිය පනහක් කිලෝවොට්වලට සමහර රටවල්වලට යනවා. ඒ වාහනයම සීය කිලෝවොට්වලට, අනිත් රටවල්වලට යනවා. එතකොට අපිට මේක සීයද එකසිය පනහද කියන එක හොයාගන්න ජාත්‍යන්තරව පිළිගන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේදයක් තියෙනවද ලංකාවේ මේක කරන්න? 

ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා,
''මං හිතන්නෑ ඒක කිරීම සඳහා අපිට ලොකු ඉෂූ එකක් ඇති වෙයි කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සර් ඒගොල්ලන් අවශ්‍ය සහයෝගය ඉක්මනින් ලැබෙන්නෑ අපිට. එහෙම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි කිව්වේ මෝටර් එක චෙක් කරමු කියලා. ඒකට ඒගොල්ලන් කියනවා මේක මේකට වාහනෙන් ගලවන්න ඕනේ. ඒකට ගැලවීමේ ක්‍රමයක් තියෙනවා. ඒකට එක්ස්පර්ට්ලා එන්න ඕනේ. ඒ විදිහට තමා කියන්නේ."