රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයකු පත්කිරීමට අයැදුම්පත් කැඳවයි
July 25, 2025 04:41 pm
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2025 අගෝස්තු 01 දින හෝ එදිනට පෙර යොමු කළ යුතු බව වාර්තා වේ.
අදාළ අයැදුම්පත්‍ර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව ද සදහන්.
එමෙන්ම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයකු පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු වේ.
සබැඳිය: https://www.parliament.lk/si/secretariat/advertisements/view/334