පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් රජයේ වගකීම් දැරුවත් නීතිය හමුවට

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් රජයේ වගකීම් දැරුවත් නීතිය හමුවට

July 25, 2025   12:44 pm

පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වරදකරුවන් වන අය අතර වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාක්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (25) පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළාය.