ඉන්දියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් 4ක් මරුට

ඉන්දියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් 4ක් මරුට

July 25, 2025   10:15 am

ඉන්දියාවේ රාජස්ථාන්හි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී අද (25) පෙරවරුවේ සිදු වූ අනතුරකින් ළමුන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් 40කට වැඩි පිරිසක් සිරවී සිටින බවද එහි සඳහන්. 

ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක තනි මහල් ගොඩනැගිල්ලක්  මෙලෙස කඩාවැටී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 40 දෙනෙකු පමණ සිට තිබේ.

මෙම ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ තිබූවක් වන අතර, ඒ සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලි කිහිපයක්ද ලැබී තිබූ පසුබිමකම මෙම අනතුර සිදුව ඇත.