සයුරෙන් එතෙර
ස්පාඤ්ඤයේ ලැව්ගිනි තත්ත්වයක්
July 18, 2025 01:05 pm
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් ව්‍යාප්තව ඇත.
ඊයේ(17) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්න මෙන්ත්‍රීදා සහ වැල්මොහාදෝ යන කලාපවල ප්‍රබල ලැව්ගින්නක් ව්‍යාප්තව තිබුණි. මේ හේතුවෙන් එම කලාපයේ නිවාසවල රැඳී සිටි විශාල පිරිසක් ආරක්ෂිත කලාප වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
අධික තාපය සහ වියළි බව හේතුවෙන් මෙය සිදුව ඇති බව කියවේ.
හෙක්ටයාර 3,000ක් (අක්කර 7,400) පමණ ප්‍රදේශයක් විනාශ වි ඇති අතර, ලැව්ගින්න පාලනයට ගිනි නිවන අංශයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ කලාපයේ පවතින දැඩි සුළඟ හේතුවෙන් ලැව්ගින්නේ ව්‍යාප්තිය තීව්ර වී ඇති බවයි.
එමෙන්ම ලැව්ගිනි හේතුවෙන් හටගත් දුමාරයෙන් මැඩ්රිඩ් අගනුවර වායු දූෂණය ද කැපී පෙනෙන මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.