පොලිස් නිලධාරිනියට ලිංගික හිරිහැර කළ SI අධිකරණයට

පොලිස් නිලධාරිනියට ලිංගික හිරිහැර කළ SI අධිකරණයට

July 15, 2025   05:27 pm

තංගල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සහ බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පොලීසියේම උප පොලිස් පරීක්ෂකවරයා අද (15) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප 2ක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් ශාමාලා බුටාවත්ත නියම කළාය.

නඩුව මේ මස 28 වනදා තෙක් කල් තැබුණි.