අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

July 15, 2025   10:33 am

රුපියල් 3,000ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් කොමිසම විසින් අදාළ පොලිස් නිලදාරියා අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරුගේ රථවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රය භාරයට ගෙන ඒ සඳහා නීති මගින් කටයුතු නොකර රියදුරු බලපත්‍රය ආපසු ලබා දීම සඳහා රුපියල් 3,000ක අල්ලස් මුදලක් අදාළ පොලිස් නිලධාරියා විසින් ලබා ගෙන තිබේ.

ඒ අනුව අල්ලස් ලෙස මුදල් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත රද්දොළුගම පොලිස් ස්ථානයේ අදාළ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (14) රාත්‍රියේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.