මාරක අනතුරු - තුනක් මරුට
July 14, 2025 12:12 pm
පරන්තන් මුලතිව් මාර්ගයේ 26 කණුව ප්රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පරන්තන් දෙස සිට පුදුකුඩිඉරිප්පු දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවෙකු තුවාල ලබා මුංකිලාරු රෝහලට ඇතුළත් කර ඇති අතර ප්රතිකාර ලබමින් සිටියදී මෙසේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ වෙල්ලපල්ලම් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම පස්යාල මීරිගම මාර්ගයේ දී ඊයේ (13) සිදු වූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුර හේතුවෙන් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනාම බරපතළ තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දෙදෙනාම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වන පුද්ගලයෙකු සහ වයස අවුරුදු 48 ක් වන කාන්තාවකි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරයි.