නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට
July 6, 2025 04:16 pm
කල්ලඩි මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
ඔවුන් ළඟ තිබී වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 673 පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 37 ක් සහ 49ත් වන වයස් වල පසුවෙන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
අදාළ සැකකරුවන් දෙදෙනා, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.
ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම අරමුණින් නාවික හමුදාව විසින් ඊයේ (05) මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිබුණි.