පුනර්ජනනීය බලශක්තියෙන් ලංවිම ලොකු පිම්මක් පනියි

පුනර්ජනනීය බලශක්තියෙන් ලංවිම ලොකු පිම්මක් පනියි

June 29, 2025   05:51 pm

2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත.

1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමුවරට මෙලෙස ලංකා විදුලිබල මණ්ඩලය එහි සම්පූර්ණ විදුලිබල ජනනයෙන් 70%ක් මෙම මාසය වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් සපුරා ගෙන ඇත. 

අනෙකුත් මාසවලට වඩා ඉහළ ඉල්ලුමක් මෙම මාසයේ පෙන්වා ඇති තත්ත්වයක් යටතේ මෙය සම්පූර්ණ කරගෙන තිබීම සුවිශේෂිය.

මෙරට විදුලිබල සැපයුම 100% ක්ම පාහේ ජල විදුලිය මත පදනම් වූ මුල් කාලීන ප්‍රතිපත්තියෙන් සහ ඉන්පසු කාලයේ අනුගමනය ජල විදුලි-තාප විදුලි මිශ්‍ර ප්‍රතිපත්තියෙන් අපගමනයවීමක් පෙන්වන බවද විදුලිබල මණ්ඩලය පවසයි.

එය ශ්‍රී ලාංකීය විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය පංගුව වැඩි කිරීමට ලංවිම ගෙනයන ස්ථිරසාර වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබිඹු කරන බවද එහි සඳහන් වේ.