ඉරානයේ හිටපු ෂා රජුගේ

ඉරානයේ හිටපු ෂා රජුගේ "ඔටුන්න හිමි කුමරු" පාලනයේ වෙනසක් ඉල්ලයි

June 23, 2025   08:26 pm

ඉරානයෙන් පළා ගිය ෂා රජුගේ ඔටුන්න හිමි කුමරු රේසා පහ්ලවි නව රජයක් සඳහා පාලන තන්ත්‍රයේ වෙනසක් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රේසා පහ්ලවි යනු ඉරානයේ අවසාන ෂා රජු වූ මොහොමඩ් රේසා පහ්ලවිගේ පුතනුවන් වන අතර ෂා රජු  1978 දී විප්ලවය ආරම්භ වී ඊජිප්තුවට පලා ගිය අතර 1980දී එහිදී ජීවිතක්ෂයට පත්විය. 

මේ වන විට එක්සත් ජනපදයේ පදිංචිව සිටින රේසා පහ්ලවි පැරිස් හී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇත්තේ තමන් අද මෙහි පෙනී සිටිනුවේ තමාගේ රටවැසියන්ට යටත් වීමට සහ සාමයේ, ප්‍රජාත්න්ත්‍රවාදී සංක්‍රාන්ති මාවතකට ඔවුන්ව ගෙන යාමට බවය.

තමන් ඉස්ලාමීය ජනරජයට නොව ඉරාන ජාතියට පක්ෂපාතී බවත් ඉරාන ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ඉරානයකට අනාගතයක් තිබෙන බවත් ඔහු මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

"මම අද මෙහි සිටින්නේ මගේ රටවැසියන්ට යටත් වීමට, සාමයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්ති මාවතට ඔවුන්ව ගෙන යාමටයි. මම දේශපාලන බලය සොයන්නේ නැහැ, ඒ වෙනුවට අපේ ශ්‍රේෂ්ඨ ජාතියට ස්ථාවරත්වය, නිදහස සහ යුක්තිය කරා මෙම තීරණාත්මක පැය හරහා ගමන් කිරීමට උපකාර කිරීමටයි.

ඉස්ලාමීය ජනරජයට නොව ඉරාන ජාතියට පක්ෂපාතී ඔබ සැමට, ප්‍රජාතන්ත්‍රවාදී ඉරානයක අනාගතයක් තිබේ. ඔබ දැන් ජනතාව සමඟ එක්වන්නේ නම්. තේරීම ඔබ සතුයි." යනුවෙන් ඔහු පැවසීය.

රේසා පහ්ලවි පැවසුවේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාර එල්ල කරන ලද්දේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ල අලි කමේනිගේ ත්‍රස්තවාදී පාලනයේ ව්‍යසනකාරී න්‍යෂ්ටික අවි ලුහුබැඳීමේ ප්‍රතිඵලයක් වන බවය.

ඉරානයට එල්ල වන මෙම ප්‍රහාර හමුවේ ඉරාන ජනතාව වෙනුවෙන් උත්තරීතර නායකයා තම තනතුරින් ඉවත් විය යුතු බවද ඔහු පවසා තිබේ. 

රේසා පහ්ලවිගේ පියා වූ ඉරානයේ රජු වූ මොහොමඩ් රේසා ෂා ගැන ඔබ නොදත් දේ

1919 ඔක්තෝබර් 26 වැනි දින ටෙහෙරාන් හී උපත ලද රේසා ෂා 1941 සිට 1979 වසර දක්වා ඉරානයේ රජු විය.

ෂා රජු බටහිර හිතවාදියෙකු ලෙස බොහෝ පාර්ෂ්වයන් හැඳින්වූ අතර 1963 දී ඔහු "සුදු විප්ලවය" දියත් කළ බවත් වාර්තා වේ.

එම විප්ලවය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණය, යටිතල පහසුකම් සංවර්ධනය, කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය සහ නූගත්කම අඩු කිරීම ඇතුළත් වූ පුළුල් වැඩපිළිවෙළකින් සමන් විත විය.

මෙම වැඩසටහන ඉරානයේ බොහෝ දෙනෙකු විසින් ප්‍රශංසාවට ලක් කළද ඉස්ලාමීය නායකයින් මෙය ඉරානයේ බටහිරකරණය ලෙස හඳුන්වනු ලැබූ අතර මෙම වැඩසටහන ඔවුන් විවේචනයටද ලක් කළේය.

ඉස්ලාමීය විප්ලවයේ අද්‍යාත්මික නායකයා වූ ෂියා පූජකයෙකු වූ අයතුල්ලා රුහෝල්ලා කොමේනි ෂා රජු බලයෙන් පහ කර ඉස්ලාමීය රාජ්‍යයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියේය.

1964 දී කොමේනි ඉරානයෙන් පිටුවහල් කරන ලද අතර එහිදී දේශසීමාව හරහා ඉරාකයේ පදිංචි කරන ලද අතර එහිදී ඔහු තම ආධාරකරුවන් උසි ගැන්වීම සඳහා ගුවන් විදුලි පණිවිඩ යැවීය.

ෂා රජු තමා පර්සියානු රජෙකු ලෙස හැඳින්වූ අතර 1971දී පූර්ව ඉස්ලාමීය පර්සියානු රාජාණ්ඩුවේ 2,500 වැනි සංවත්සරය වෙනුවෙන් විශිෂ්ට සැමරුමක් පැවැත්වීය.

1976 දී ඔහු විධිමත් ලෙස ඉස්ලාමිය දින දර්ශනය පර්සියානු දින දර්ශනයක් ප්‍රතිස්ථාපනය කළ අතර එමගින් ආගමික අතෘප්තිය වර්ධනය විය.

පසුව ඇති වූ තත්ත්වයන් හමුවේ ෂා වඩාත් මර්ධනකාරී පියවර කිහිපයක් ගනු ලැබූ අතර එහිදී විරුද්ධ මත මර්ධනය කිරීම සඳහා ඔහු කුරිරු රහස් පොලිස් බළකාය භාවිත කළේය.

ෂාගේ මෙම මර්ධනකාරී වැඩපිළිවෙළ හමුවේ කොමේනිට ලැබෙන සහයෝගය වර්ධනය වූ අතර සුදු විප්ලවයේ ආර්ථික වර්ධනයන් පාලක පන්තියට පමණක් ලබා දී ඇති බවට හැඟුණු දුප්පත් සහ මධ්‍යම ප්‍රාන්තිකයින් ද ෂා විරෝධීන් බවට පත් වූ අතර එමගින් 1978දී ඉරානයේ ප්‍රධාන නගරවල ෂා විරෝධී පෙළපාලී ඇති විය.

1978 වසරේ සැප්තැම්බර් 8 වැනි දින ෂා රජුගේ ආරක්ෂක හමුදාව විශාල විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබූ අතර එහිදී සිය දහස් ගණන් මිය ගොස් දහස් ගණනක් තුවාල ලැබීය.

මෙම තත්ත්වය හමුවේ දෙමසකින් පසු දහස් ගණන් ජනටා ටොහෙරානයේ වීදිවල විරෝධතා පවත්වා කැරලී ගැසූ අතර අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කොමේනි වහාම ෂා බලයෙන් පහ කරන ලෙස ඉල්ලා සිටියේය.

පවතින අරගල හමුවේ දෙසැම්බර් 11 වැනි දින සොල්දාදුවන් පිරිසක් කැරලි ගසා ෂා රජුගේ ආරක්ෂක නිලධාරීන්ට පහර දුන් අතර ඒ සමග ඔහුගේ පාලනය බිඳ වැටි ෂා පළා ගියේය.