උකුවෙල, සේරුවිල ප්‍රාස බලය මාලිමාවට - බේරුවල සජබයට

උකුවෙල, සේරුවිල ප්‍රාස බලය මාලිමාවට - බේරුවල සජබයට

June 20, 2025   02:01 pm

විපක්ෂයට මන්ත්‍රීවරු 16ක් හා ජාතික ජන බලවේගයට මන්ත්‍රීවරු 11ක් වශයෙන් තේරී පත්ව සිටි මාතලේ රත්තොට උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ නිමල් කරුණාතිලක මහතා පත්ව තිබේ.

ඒ ඡන්ද 14ක් හිමිකර ගනිමිනි.

එහි උප සභාපතිවරයා ලෙස එක්සත් ජාතික සන්ධානය නියෝජනය කළ මීරා සයිබු මොහොමඩ් රාෆි පත්වූ අතර, ඔහු ඡන්ද 12ක් ලබා ගත්තේය.

උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම උණුසුම්කාරි තත්ත්වයක් හට ගත්තේය.

මේ අතර, සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ එම්. ජී. ජේ. තුෂාර සම්පත් මහතා තේරී පත්ව ඇත.

උප සභාපතිවරයා ලෙස සර්ව ජන බලයේ කේ.ජී. දිමුතු ප්‍රියන්කර මහතා තේරී පත්ව තිබේ.

මේ අතර, මෙවර පළාත් පාලන මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය සභාව පිහිටුවීම අද (20) උදෑසන පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහිදී ඩබ්.කේ. නිලන්ත සුරිත් ඩයස් ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරය සඳහා යෝජනා කළ අතර සමගි ජන බලවේගයෙන් මොහොමඩ් නයිසර් මොහොමඩ් ෆයිසාන් මහතාගේ නම යෝජනා විය.

එහිදී සමගි ජන බලවේගයේ, අපේක්ෂකයා ඡන්ද 22ක් හිමිකර ගනිමින් බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.