ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
June 17, 2025 04:49 pm
ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
එම සංවිධානය පැවසුවේ අදියවර 01 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවය.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, වලල්ලාවිට, පාලින්ද නුවර, බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඬුල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල, අයගම සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අද (17) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වෙනු ඇත.