මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් යළි විවෘත කෙරේ

මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් යළි විවෘත කෙරේ

June 14, 2025   02:52 pm

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගත් ගැටුම්කාරී තත්ත්ව තුළ වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් යළි විවෘත කර තිබේ.

ඒ අනුව ජෝර්දානය සහ ලෙබනනය සිය ගුවන් කලාපය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් නැවත දැනුම් දෙනතුරු ඊශ්‍රායල සහ ඉරාන ගුවන් කලාප තවදුරටත් වසා දමා තිබේ.

ඊශ්‍රායල සහ ඉරනය අතර හටගත් ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මැද පෙරදිග කලාපයේ ගුවන් ගමන්වලට බාධා එල්ලවූ අතර මේ වන විටත් එම කලාපයේ ගුවන් ගමන් සිදු නොවන බව වාර්තා වෙයි.