සිදු වූ වගා හානි පිළිබඳව දැනුම්දීමට දුරකථන අංකයක්
June 3, 2025 05:56 pm
පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇදහැලුනු වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ආරම්භ කර ඇති බව දැනුම් දී තිබේ.
ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් යන වගාවන් වලට සිදුවන හානි සඳහා රක්‍ෂණ ආවරණ ලබා ගැනීම අවශ්‍ය නොවන අතර අක්කර 05 ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරේ.
ඒ අනුව වගා හානියකදී හෙක්ටයාරයක් සඳහා රු.100,000/- ක උපරිමයක් දක්වා රක්‍ෂණ මුදල් නිදහස් කරනු ලැබේ.
ඉහත තත්ත්වය යටතේ දැනට මාතර දිස්ත්‍රික්කයේ ගොවියන් 100 ක ගේ පමණ කුඹුරු අක්කර 130ක් හානියට පත්ව ඇති බව වාර්තා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළදී වගා හානිවීම් පිළිබඳව නිරන්තර අධීක්ෂණය ලක් කිරීමට බලාපොරොත්තු වන බව දැන්වා ඇත.
අපදාවට පත් වූ කුඹුරු ඇතුළු අනෙකුත් වගාවන් හි ජලය මේ වන විට ක්‍රමයෙන් බැස යාමට ලක් වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂවරුන් දැනුම් දී ඇති බව සඳහන් වේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංකය වන 1918 අමතා ගොවීන්ට තම වගා හානි වීම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත දැනුවත් කිරීම සිදුකළ හැකිය.