පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
June 3, 2025 09:30 am
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරුණි.
පාර්ලිමේන්තුව ලබන 6 වන දින දක්වා මෙම සතියේ රැස්වීමට නියමිතය.
අද දිනයේ දී පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේය.
හෙට (04) දිනයේ දී අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවෙන් පසු තෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර දූෂණ විරෝධී පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට ද නියමිතව තිබේ.
ජුනි 5 වන බ්‍රහස්පතින්දා දිනයේ ජාතික ගමනාගමන මණ්ඩල කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර ජුනි මස 6 වන දින අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.