නවකවධ සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනා 16 දක්වා රිමාන්ඩ්

නවකවධ සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනා 16 දක්වා රිමාන්ඩ්

June 4, 2025   05:34 pm

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඔවුන් අද (4) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ කෘෂි නිෂ්පාදනය සහ තාක්ෂණ ඩිප්ලෝමාව හදාරන පළමු ශ්‍රේණියේ සිසුවියක් පසුගියදා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණි.

එහිදී ඒ අසල සිටි පිරිසක් විසින් අදාළ සිසුවිය බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කළේය.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.