කඩු ප්‍රහාරයට ලක්වූ තිදෙනාගෙන් අයෙක් මරුට
May 31, 2025 07:56 am
කඩු ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කළ පුද්ගලයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු මියගොස් තිබේ.
ඊයේ (30) රාත්‍රී කාලයේ ඇහැලියගොඩ පොලිස් වසමේ නැදුරන හංදියේ රේල් පාර අසලදී පුද්ගලයින් තිදෙනෙකුට මෙලෙස පිරිසක් විසින් කඩුවලින් පහරදී ඇත.
ඒ හේතුවෙන් බරපතළ තුවාල ලබූ තිදෙනා ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අනෙක් තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ ඉද්දමල්ගොඩ, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.