බහුදින ධීවර යාත්‍රාවලින් සොයාගත් මත්ද්‍රව්‍ය තොග ගැන අනාවරණයක්
May 29, 2025 06:02 pm
2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලිම්වලදී බහුදින ධීවර යාත්‍රා මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන ලද හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1758 ක තොගයක් සිය භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදු කළ එම මහා පරිමාණ වැටලිම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 542ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1216ක් සොයාගැනීමට හැකිවු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
එහිදී බහුදින ධිවර යාත්‍රා 04ක් සහ සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.
එම සැකකරුවන් පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.