ජපානය පැරදු ඉන්දියාව

ජපානය පැරදු ඉන්දියාව

May 25, 2025   04:36 pm

ඉන්දියාව, ජපානය පසු කරමින් ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වාර්තා අනුව ඉන්දීය ආර්ථිකය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4කි.

ඉදිරි දෙවසරක කාලය තුළ ඉන්දියාව ලොව වඩාත් වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයට හිමි රට බවට පත්වනු ඇතැයි IMF ඉඟි පලකරන අතර වසර 3ක් වැනි කාලයක් තුළ ඉන්දියාව ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනිය ද පසුකර යනු ඇතැයි අපේක්ෂිතය.