ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
May 24, 2025 01:46 pm
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් පත් කර තිබේ.
ඒ අනුව ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමක් මෙහෙයවන 37වන නායකා යනු ඇත.
ICC ටෙස්ට් ලෝක ශූරතාවේ මීළඟ අදියර අරඹමින් මෙම තරගාවලිය ජූනි 20වනදා ආරම්භවීමට නියමිතව ඇත.
මේ අතර අවසන්වරට ඉන්දීය කණ්ඩායම සිදුකළ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ උපනායක ලෙස කටයුතු කළ ජස්ප්‍රිත් බුම්රා වෙනුවට මෙම තරගාවලිය වෙනුවෙන් උපනායකත්වයට රිෂාබ් පාන්ට් නම්කර තිබේ.
ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කිරීමෙන් පසු, ඉන්දීය ටෙස්ට් නායකත්වය පුරප්පාඩුව තිබුණි.