DMT ලොක්කෙක් සහ නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
May 23, 2025 05:17 pm
----------- Update - 6.25pm --------------
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ නිලධාරීන් දෙදෙනාව ජූනි මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
......................................................................................................................................................
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අල්ලස් ලබා ගැනීමෙන් උපයා ගත් බවට විශ්වාස කෙරෙන රුපියල් මිලියන 4ක මුදලක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි.