හෙද සේවයට බඳවා ගත් 3,000 අධික පිරිසට පත්වීම් ලිපි ප්‍රදානය හෙට
May 23, 2025 03:05 pm
මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) දිනයේ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ මෙරට හෙද සේවා ඉතිහාසයේ විශාලතම ප්‍රමාණයකට එකවර පත්වීමේ ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය වන බවත් මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස් වීම් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකරන බවය.
ඒ අනුව හෙට පෙරවරු 9.30ට අරලියගහ මන්දිර පරිශයේ රැස්වීම් ශාලාවේදී මෙම පත්වීම් ප්‍රදානය කිරීමට නියමිත බවද අමාත්‍යංශය පැවසීය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් ද එක්වීමට නියමිතය.