මහවැලි අධිකාරියේ ඒකක කළමණාකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

මහවැලි අධිකාරියේ ඒකක කළමණාකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

May 22, 2025   07:51 am

රු 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහවැලි අධිකාරියේ ඒකක කළමණාකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පැමිණිලිකරුට, රණවිරු පදනම යටතේ නිවසක් සාදා ගැනීමට මහවැලි අධිකාරිය හරහා, ඇතුගල ප්‍රදේශයේ ලබා දී ඇති කොටසක් ලබා දෙන ලෙස කරන ලද නැවත පර්චස් 20ක ඉඩම වගුරු බිමක් සහිත නිසා වෙනත් ඉඩම් ඉල්ලීම අනුව, මහවැලි අධිකාරියෙන් වෙනත් ඉඩම් කොටසක් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දී බලපත්‍රය ලබා දීමට උදව් කිරීම සඳහා මෙම රු 20,000ක මුදල අල්ලසක් ලෙස අදාළ නිලධාරියා විසින් ඉල්ලා තිබේ.

ඒ අනුව මහවැලි අධිකාරියේ සේනපුර කොට්ඨාස කළමනාකරණ කාර්යාලයට අනුයුක්තව සඳුන්පිටිය ඒකක කළමනාකරණ කාර්යාලයේ ඒකක කළමනාකාරවරයාව ඊයේ (21) දහවල් සඳුන්පිටිය මහවැලි ඒකක කළමනාකරණ කාර්යාලය තුළ දී තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.