ගාසා තීරය වෙනුවෙන් 14වන ලියෝ පාප් වහන්සේ කළ ඉල්ලීම
May 21, 2025 03:56 pm
යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයට ප්‍රමාණවත් මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කරන ලෙස 14වන ලියෝ පාප් වහන්සේ ඉල්ලීමක් සිදුකර තිබේ.
උන්වහන්සේ පවත්වන සතිපතා රැස්වීමේදී මෙම ඉල්ලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගාසා තීරයේ පවතින තත්ත්වය දැඩි වේදනාකාරී බවත් ප්‍රමාණවත් පරිදි මානුෂීය ආධාර ලබාදීමට ඉඩදෙන ලෙසත් 14වන ලියෝ පාප් වහන්සේ එහිදී ඉල්ලා ඇති බව සඳහන් වේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ගාසා තීරයේ මන්දපෝෂණ අනුපාත තවදුරටත් ඉහළ යනු ඇති බවය.
ඒ ගාසා තීරයට ලබාදෙන ආධාර ඊශ්‍රායලය විසින් අවහිර කිරීම හේතුවෙනි.
ඒ අනුව ගාසා තීරයට ලබාදෙන ආධාර නිකුත් කිරීමට නොහැකි වුවහොත් ඉදිරියේ දී මානුෂීය ව්‍යසනයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.