නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 36ක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 36ක් නාවික හමුදා භාරයට

May 21, 2025   02:49 pm

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 36 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මීට අමතරව එම ධීවරයි භාවිතා කළ නීතිවිරෝධී දැල් එකසිය දාහතක්, ඩිංගි යාත්‍රා නවයක්, මුහුදු කූඩැල්ලන් තුන්දහස් අටසිය අටක්, අධිතාක්‍ෂණික ධීවර උපකරණ, නිතිවිරෝධී පුපරණ ද්‍රව්‍ය සහ විදුලි ආලෝක ධාරා උපකරණ නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

මඩකලපුව කොටුවමඩ, ත්‍රිකුණාමලය සල්ලිකෝවිල්, එරක්කන්ඩි, අලියා දූපත, නන්දිකඩාල්, කල්ලඩි, පේදුරුතුඩුව සහ මුලතිව් ආලම්පිල් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඔවුන් ධීවර කටයුතුවල නිරව ඇත.

නාවික හමුදාව මැයි මස 10 වැනි දින සිට 19 වැනි දින දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, ශ්‍රි ලංකා නාවික නෞකා කාශ්‍යප, විජයබා, නාවික තටාකංගනය, ගෝඨාභය සහ උත්තර යන ආයතන, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබුණි.

නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, ත්‍රීකුණාමලය, කෝඩ් බේ, මුලතිව්, මාමු‍නෛයි, පේදුරුතුඩුව සහ වාකරේ යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරුණි.