රණවිරුවන්ගේ සුවදුක් බලන්න මිහිඳු සෙත් මැදුරට ගිය ජනපති
May 19, 2025 01:31 pm
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමට ගොස් තිබේ.
රණවිරුවන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කර තිබේ.
අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිහිඳු සෙත් මැදුර - සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟ ද අදහස් හුවමාරු කර ගෙන ඇති අතර රණවිරුවන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.