පුද්ගල මළසිරුරු 2ක් තැන් දෙකක

පුද්ගල මළසිරුරු 2ක් තැන් දෙකක

May 16, 2025   06:39 am

නිවසක නිදන කාමරයේ ඇඳක් මත පුද්ගලයෙකු සැකසහිත ලෙස මියගොස් සිටින බවට ඇඹිලිපිටිය පොලීසියට ලද පණිවුඩයක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

ඇඹිලිපිටිය පොලිස් වසමේ හල්මිල්ලකැටිය ප්‍රදේශයේ නිවසක් තුළදී මෙම පුද්ගල මළසිරුර ඊයේ (15) රාත්‍රී කාලයේදී සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ක් වන තුංකම, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු මීට වසර 08 කට පමණ පෙර සිට බිරිඳගෙන් හා දරුවාගෙන් වෙන්වී තනිව නිවසේ පදිංචිව සිටි අයෙකි.

පොලීසිය සඳහන් කළේ මෙම මරණය දින කිහිපයකට පෙර සිදුවී ඇති බවටද නිරීක්ෂණය වූ බවය.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ඊයේ (15) රාත්‍රී කාලයේදී පස්සර පොලිස් වසමේ දුම්මලතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවස ඉදිරිපිට බෑවුම් සහිත ස්ථානයක සැකසහිත ලෙස මියගොස් සිටින බවට පස්සර පොලීසියට ලද පණිවුඩයක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 41ක් වන අඹතැන්න, පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘතශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණය සඳහා සිද්ධියවූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.