දෙරණ 24 පැයේ මහා බත් දන්සල ඇරඹෙයි
May 12, 2025 07:04 pm
දෙරණ මාධ්‍ය ජාලය සංවිධාන කරන ''24 පැය පුරා පවත්වන ශ්‍රී ලංකාවේ ලොකුම බත් දන්සල'' කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
දෙවැනි වරටත් සංවිධානය කරන මෙම මහා දන්සල සඳහා මෙවරත් ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහනගර සභාව දෙරණ මාධ්‍ය ජාලය සමඟ අත්වැල් බැඳගෙන සිටී.
මෙම මහා බත් දන්සල අද (12) පස්වරු 7.00ට ආරම්භ වී හෙට (13) පස්වරු 7.00 දක්වා පුරා පැය 24ක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.
අද උදෑසන සිට මෙම මහා බත් දන්සල වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සියලු කටයුතු සූදානම් කිරීමට දෙරණ මාධ්‍ය ජාලය පියවර ගත්තේය.
මේ වනවිට අප වාර්තාකරුවන් පවසා සිටියේ, දන්සලට සහභාගීවීම සඳහා අති විශාල ජනකායක් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අවට දිගු පෝලිම්වල රැඳීසිටින බවය.