PSL සියලු තරග දින නියමයක් නොමැතිව කල්යයි

PSL සියලු තරග දින නියමයක් නොමැතිව කල්යයි

May 9, 2025   10:19 pm

පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ ඉතිරි තරග දින නියමයක් නොමැතිව කල්දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

මීට පෙර පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබුණේ, පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමග නතරකර, තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විමටය.

මේ අතර, පෙහෙල්ගාම් ප්‍රහාරය සමඟ ආරම්භ වූ ඉන්දු - පාකිස්තාන යුද ගැටුම් තීව්‍රවීමත් සමග ඉන්දියාවේ පැවැත්වෙන ලොව ධනවත්ම ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සතියක කාලයකට අත්හිටුවීමට සංවිධායකවරුන් අද තීරණය කළේය.  

Related News