නවකවධ සිද්ධියට තවත් සිසුන් 6ක් රිමාන්ඩ්

නවකවධ සිද්ධියට තවත් සිසුන් 6ක් රිමාන්ඩ්

May 6, 2025   03:46 pm

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවකවධය හේතුවෙන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (06) ඉදිරිපත් කළේය.

ඉදිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් සැකකාර සිසුන් 6දෙනා මැයි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.