ලොව විශාලතම විලාසිතා රාත්‍රිය - 2025 MET GALA
සයුරෙන් එතෙර

ලොව විශාලතම විලාසිතා රාත්‍රිය - 2025 MET GALA

May 6, 2025   12:40 pm

නිව්යෝර්ක් නුවර මෙට්‍රෝපොලිටන් කලා කෞතුකාගාරය මඟින් පවත්වන ලොව විශාලතම විලාසිතා රාත්‍රිය - මෙට් ගාලා - ඊයේ (05) නිව්යෝර්ක් නුවර දී පැවැත්වුණි.

ඒ ලෝ ප්‍රකට කලාකරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් රැසකගේ සහභාගිත්වයෙනි.

ඒ අතරට අමෙරිකානු රංගන ශිල්පිනී ඩෙමී මෝර්, සුප්‍රසිද්ධ ගායිකා රිහානා,  ඩයනා රෝස්, ලෝ ප්‍රකට ගායිකා ශකීරා ද අයත්ය.

බොලිවුඩ් නළු ශාරුක් ඛාන් මෙට් ගාලා රාත්‍රියට සහභාගි වුණේ ඊට එක්වූ පළමු ඉන්දීය රංගන ශිල්පියා ලෙස වාර්තා අතරට එක් වෙමිනි.

එමෙන්ම ප්‍රියංකා චොප්රා සහ කියාරා අද්වානි ද මෙවර මෙට් ගාලා සමඟ එක්වුණි.