කුඨ ලේඛණවලින් දේපළ අත්පත් කරගත් කාන්තාව පොලීසියට කොටුවෙයි
April 30, 2025 03:56 pm
කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකාරිය වයස අවුරුදු 64 ක් වූ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
එමෙන්ම ඇය විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්වරියක් බව සඳහන් වේ.
සැකකාරිය ඊයේ (29) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.