සයුරෙන් එතෙර
දකුණු කොරියාවේ දරුණු ලැව්ගින්නක්
April 29, 2025 10:01 am
ගිනිකොන දිග දකුණු කොරියාවේ දරුණු ලැව්ගින්නක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි අවදානම සැලකිල්ලට ගනිමින් 1,200 ඉක්මවූ පිරිසක් තාවකාලික කඳවුරු වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගින්න හට ගෙන ඇත්තේ, සෝල් අගනුවර සිට කිලෝමීටර 233ක් ගිනිකොන දෙසින් පිහිටි ඩෙගු නගරය ආශ්‍රිතවය.
ඊයේ (28) පස්වරුවේ හටගත් ගින්නෙන් මේ වනවිට හෙක්ටයාර 200කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.
ගිනිනිවීමේ මෙහෙයුම් සඳහා ගිනිනිවන සේවකයින් 1,500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබුණි.
ඒ සඳහා ගුවන්යානා ද 50කට අධික සංඛ්‍යාවක් යොදවා ඇතැයි සඳහන්ය.
ඒ අනුව අද පස්වරුව වනවිට ලැව්ගින්න තරමක් පාලනය කිරීමට ගිනිනිවන සේවකයින් සමත්ව ඇති බව වාර්තා වේ.