සාගරගෙන් ආණ්ඩුවට චෝදනාවක්

සාගරගෙන් ආණ්ඩුවට චෝදනාවක්

April 28, 2025   05:27 pm

පසුගිය පාලන සමයේ ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබූ රට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් නතර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා චෝදනා කරයි.

අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා ඒ බව සඳහන් කළේය.

ඔහු සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් රටේ  සංවර්ධනය නවතා දැමීමට පියවර ගෙන ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා,

"මේ වෙලා තියෙන්නේ මුළු රටට වුණු අපරාධයක්. මේ රට මහා වැඩබිමක් වෙලා තිබුණ රටක්. මේ රට සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් තිබුණ රටක් කඩා වට්ටලා එක තැනකට ගෙනල්ලා තියෙනවා. මේ කළේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ජනතා විමුක්ති පෙරමුණ තමයි කළේ. මේක කරන්න මේක කරන්න ඔවුන් කාරණා දෙකක් උපයෝගි කරගත්තා එකක් තමයි බොරුව සමාජ ගත කිරීම. අනික තමයි ඒ බොරු තුළින් ජනතාව රැවැට්ටවීම ඉතින් මේ රට අපිට ඉදිරියට ගෙනියන්න නම් මේ රටේ ඉන්න තමන්ගේ අනාගතයට ආදරය කරන ජනතාව කිසියම් අවස්ථාවක තේරුම් ගන්න ඕනේ බොරුවෙන් අනිත් අයට වෛර කිරීමෙන් සහ වැඩ කරන මිනිහාට ගැරහීම තුළින් රටක් ඉදිරියට යන්නේ නෑ. මේ රටේ අපේ මිනිස්සුන්ව හිතන්න පුරුදු කරලා තියෙනවා"