ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ගාස්තු යළි ඉහළ නැංවීමේ තීරණයක්?
April 28, 2025 04:25 pm
එළැඹෙන මැතිවරණයෙන් තම පක්ෂය ජය ගතහොත් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 2,000ක් තෙක් ඉහළ දමන බව ඔස්ට්‍රේලියාවේ ආණ්ඩු බලය හිමි කම්කරු පක්ෂය පවසයි.
ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් පැමිණෙන ප්‍රධාන මාර්ගය ලෙස එරට ට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සැලකේ.
කෙසේ නමුත් මෑතකාලීනව පත්වූ ආණ්ඩු මෙම සංක්‍රමණික ආගමනය පාලනය කිරීමට උත්සහ ගත්තේ, එලෙස පැමිණෙන පිරිස් රට තුළ දිගුකාලීනව රැඳී සිටීම සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින විරෝධයට පිළිතුරු ලෙසින්ය.
විදෙස් සිසුන් සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 710ක් ලෙස පැවති වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 1600ක් දක්වා ඉහළ දැමීමට එරට රජය පසුගිය වසරේ ජුලි මාසයේදී පියවර ගත්තේය.
ඔවුන් ගාස්තු තවත් වැඩිකිරීමට සැලසුම් කර ඇත්තේ එවන් පසුබිමකයි.
මේ අතර එරට ප්‍රධාන විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂය තමන් බලයට පැමිණියහොත් වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 2500ක් දක්වා වැඩිකරන බව දැනටමත් පවසා තිබේ.
එමෙන්ම එරට හොඳම විශ්වවිද්‍යාල අට සඳහා ඉල්ලුම්කරන විදෙස් සිසුන්ගේ වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 5000ක් දක්වා වැඩිකිරීම බව එම පක්ෂයේ සැලැස්මයි.