රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි
April 28, 2025 12:41 pm
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පිටව ගොස් තිබේ.
අද උදෑසන 9.15ට පමණ රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවට පැමිණි බව 'අද දෙරණ' වාර්තාකරු සඳහන් කළේය.
එහිදි පැය 03 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටි කාලයේදී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.
සිද්ධියට අදාළව පසුගිය 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද, එදින ඔහු එම කොමිසම වෙත පැමිණ තිබුණේ නැහැ.