නගරයක් මැද පුද්ගලයෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අල්ලයි
April 26, 2025 08:07 pm
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කිරිබත්ගොඩ නගරයේදී පුද්ගලයෙකුට පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ කාන්තාවක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වී ඇති බවය.
පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරිබත්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.