ප්‍රබල අකුණු අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

April 26, 2025   02:20 pm

ප්‍රබල අකුණු අවදානමක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත් සහ හම්බන්තොට, අම්පාර මඩකලපුව සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් ඇති බවය.

මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේදී එම ප්‍රදේශයන් හී තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී තිබේ.