සිරි දළදා වන්දනාව 06 වන දිනය අද 

සිරි දළදා වන්දනාව 06 වන දිනය අද 

April 23, 2025   12:09 pm

ලක්ෂ සංඛ්‍යාත සැහැදැවතුන් සාධුකාර දෙමින් සෙංකඩගල නගරයට පිළිවෙතින් පෙළගැසෙන “ සිරි දළදා වන්දනාවේ“ 06 වැනි දිනය අදයි.

අදත් (23) සිරි දළදා වන්දනාව පෙරවරු 11ට ආරම්භ වුණි.

දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීම වෙනුවෙන් මේ වනවිටත් බොහෝ පිරිසක් දිගු පෝලිම්වල රැඳී සිටින අතර ඔවුන් වෙනුවෙන් දන්සැල් හා පහසුකම් සැලසීමට පාර්ශ්ව රැසක් ඉදිරිපත්ව සිටී.

දෙස් විදෙස් සැදැහැවතුන්ගේ නොමද ගෞරවාදරයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගැනීමට ඊයේත් සැදැහැවතුන් 180,000කට වරම් හිමිවුණි.

පොලිසිය පැවසුවේ, සිරි දළදා වන්දනාව සඳහා ඊයේ පස්වරු 6 වනවිට 80,000කට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ ඇති බැවින් අද එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යා හැකි බවය.

එබැවින් අද දිනය මඟහැර ඉදිරි දිනකදී පැමිණීම තුළින් අපහසුතාවකින් තොරව දළදා  වහන්සේ වැඳපුදා ගැනීමට හැකි වනු ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවට දැනුම් දෙයි.

තවත් දින 04 ක කාලයක් “සිරි දළදා වන්දනාව” පැවැත්වෙන අතර එළෙඹෙන 27 වනදා එය අවසන් වීමට නියමිතයි.