සුනඛයෙකු නිසා ඝාතනයක් සිදුකර පලාගිය සැකකරු කොටුවෙයි
April 14, 2025 06:18 pm
දෙවලපොල ප්‍රදේශයේදී දෙපාර්ශවක් අතර ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාළව පළාගොස් සිටි සැකකරු මිනුවන්ගොඩ පොලීසිය විසින් අද (14) අත්අඩංගුවවට ගෙන ඇත.
මරණකරු නිවසේ ඇති කරනු ලබන සුනඛයා සැකකරුගේ නිවසට යාම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත ඊයේ (13) පස්වරුවේ මෙම ඝාතනය සිදුකර තිබුණි.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
එහිදී ඝාතනයට ලක්වූයේ ගණෙහිමුල්ල, දෙවලපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙක්ය.
එම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර, ඒ හේතුවෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 65ක පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.