ආහාර පිසීමේ නැකැත උදා වෙයි

ආහාර පිසීමේ නැකැත උදා වෙයි

April 14, 2025   04:04 am

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව ආහාර පිසීමේ නැකැත අද (14) පූර්වභාග 04.04ට උදාවිය.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද පූර්වභාග 06.44 ටය.

මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.