පස් කණ්ඩියකට යටවී පෙදරේරුවෙකු මරුට

පස් කණ්ඩියකට යටවී පෙදරේරුවෙකු මරුට

April 9, 2025   06:39 am

පැල්මඩුල්ල, බුලත්වැල්ගොඩ ප්‍රදේශයේදී පස් කණ්ඩියකට යටවී පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (08) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. 

එලෙස මියගොස් ඇත්තේ, පුටුහපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

ගොඩනැගිල්ලක පසු පස බැම්මක් ඉදිකිරීමට පැමිණි පෙදරේරුවෙකු මෙලෙස පස් කණ්ඩියට යටවී මියගොස් ඇති බවටත්, තුවාලකරු එම ගොඩනැගිල්ලේ හිමිකරු බවටත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

තුවාලකරු කහවත්ත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.