පිල්ලෙයාන් CID අත්අඩංගුවට

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

April 8, 2025   09:00 pm

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි.

2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.